ඩොනමෝර්ට වැරදුනාද- ලලිත් තිඹිරිපොල
සිටියා නේද උබ
ජේසුත් එක්ක
‘අනේ නෑ, මම නොවේ
උන්දෑ දන්නෙත් හදුනන්නෙත් නැහැ’
කිව්වා පේදුරු
හැඩුවා කුකුලා, එවිට
“කුකුලා හඩලන්නට පෙර
උඔ පවාදෙනවා,මා තුන්වරක් “
මතක්විය පේදුරුට
“ඊයේ මැතිතුමා
ඒ පැත්තේ නේද මැතිසබේ”
“අයියෝ නෑ, ඒ මම නොවේ
වෙන කවුද, ඔහේට වරදීමක්
ඩොනමෝර්ට වැරදුනාද
කවුරු කාට පැරදුනාද
කටේ වාචාල කම හැර
බුද්දියක් ඕනෑද මැතිසබේට