සාම ලේකම් කාර්යාලය
සාම කාර්යාලයේ ලොකු උන්නැහේ
බල්ලා එක්කත් තරහා වෙලා
ඌට ලේ පුස්ම දැනිලා
කල කිරිමෙන් වාගේ
බිම බුදියනවා බලන් ඉන්න බැරිව
උන්නැහැගේ අම්මටත් බැනලා
“අනේ බං, අර බලපං
එහා පැත්තේ පාරේ
කොල්ලෙක් මරා දාලා
අනේ පව්” කිව්වා කියලා
“මරන්න ඕනෑ
ඒවා තේරෙන්නේ මොලේ ඇති අපටයි
කෙරවලක් නැතිව මරපුවහම
ප්‍රශ්ණේ විසදෙනවා
තේරුම් ගන්න බැරිනම්
කට වහගෙන හිටපල්ලා”
කොම්පියුටරය ලග වාඩි වි
ලෝකෙට මෙහෙම පණිවිඩයක්
හේ තෙමේ ලියනවා
රට සාමකාමිය, කිසි සැලකිය යුතු වෙනසක් නෑ
ඉතාමත් යහපත් තත්වයන් තියෙනවා
ශබ්දකෝෂය පෙරලා
හොඳ හොඳ වචන හොයලා
අලංකාර කරලා
සාමයේ ගුණ ගයා
තව තවත් ලියනවා