හෙට නැමති දේශය - ලලිත් තිඹිරිපල
ඊයේ ගග නොව හෙට
නව ගගකි ගලනුයේ
ඊයේ දේශය නොව හෙට
නව දේශයකි තිබෙනුයේ
ගෙවීගිය ඊයේ දින
සිහිනයෙන් දේශය මිදෙනුයේ
හෙට දිනය උදා වෙනි
ජීවිතය ඵල දරනුයේ
හෙට දිනය දැක ගන්ට
වරම් අප ලබනුයේ
අද දිනය බින්ඳ විට
යල් පැනපු සිහිනයේ
ලලිත් තිඹිරිපල