සොයිසලා හා අම්මලා
වලස්සු ඇවිල්ලා
ඉක්මනට අරන් එනවා කියලා
අම්මට කියලා
රචඩ් සොයිසා
අතින් ලෝකෙට ගෙනිච්චා
සොයිසගේ අම්මා
යාළුවන් මග හරිනු දැකලා
රට ගැනමත් කල කිරිලා
තනිවෙලා ලත වෙලා
යන්නට ගියා එලොවට මෙහෙ එපාවෙලා
ඒ වගේ සොයිසලා
හැම හැම අරං යන
වලස්සු බොaවුනා රටේ
කොයි පැත්තත්, කොයි වෙලාවෙත්
රිචඩ්ලා, එයගේ අම්මලා
අවුරුදු ගෙවී දශක බවට පත් වෙනවා
තවමත් කොල්ලෝ නැතිවෙනවා
අම්මලත් රටේ දරුණුකම දැකලා
එපා වෙලා මැරිලා යනවා
යලි උපදින්න නෑ ආශාවක්
අම්මලාට එපා වුනු රට
කොහොමද හොඳ තැනක් වෙන්නේ
කොටි වලස් මහ වනයක්
මර මරා ඉවරයක් නැති
මහ සත්තු වත්තක්