අලංකාරකල සොහොන්කොත් - ලලිත් තිඹිරිපොල
මිනීමැරුමකින් පසු
සොහොන තුල නිදන්නේ
ඔබමය,
මිනිමරුව
මලගිය ඇත්තෝ
නොනිදති සොහොන්වල
ඔබේ නිවහන
අලංකාර කල සොහොනකි
මරණයක් මරණයක් පසා
අපො සිරුරු වෙයි සොහොන්කොතේ
සාමුහික මරණයක
මල්වඩමක් වැන්න අපේ සිනා මුහුණු