Skip to content. | Skip to navigation

Contact info

Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building, 
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org

Personal tools

ජීවිතයේ පතුල අලංකාරයි

ජීවිතයේ පතුල ඉතා අලංකාරයි
ආලෝකයෙන් පිරිලා
සිතුවම් කරුවන් මවන සිතුවම්
ජීවිත පතුලේ ඇති මහා ලස්සන
ටිකක් හෙලිකරනවා

ජීවිතය පතුලේ මහා කරුණ‍ා මහිමේ
ජලකදක් සේ ගලනව‍ා
ම‍ානව හිතවත් කමේ හුස්මත්
බලවත්ව එහි තිබෙනවා
එකිනෙකා එකමුතු කරනා බලයත්
එහි තිබෙනවා

ජීවිතයේ  මහ සයුරතුල
ඇති මේ ජීවිත පතුල
හදවත් තුලයි ඇත්තේ
පතුල දුටු ඇත්තෝ
කල්‍යාන මිතුරන් වෙනව‍ා

පතුල ලගාවීමට
බ‍ාධක ලෙස දම‍ා ඇති
මඩ පවුරු ඉවත් කර
පාද‍ා ගත යුතුය පිරිසිදු දිය


2


මුලින් ඇති මඩ පවුර
හද හවුල් කරන මහ‍ා භීතියයි
 හැලුනු ලේ ගංගා
 ඇත සිතුලට රිංගා
 සැම පැත්තකම දැන්
භීතියෙන් කඵ වෙලා
මේ මහා මඩ පවුර උතුරනව‍ා
ඉවතට දමන තුරු මෙය
දැකිය නොහැකිය ජීවිත පතුල

 

3.


බියේ මඩ පවුර යට
කුහක කමේ මහ ගන්දස්ක‍ාරයෙන්
පි‍රිනු මහ‍ා මඩ වගුර
පිරි ඉතිරි තිබෙනවා
ආගම් නමින් බොරු කරන්නෝ
දේශප‍ාලන බෙ‍ාරු කරන්නෝ
හමුදා සපත්තුව ගතත් බොරු කරන්නෝ
නීතියේ න‍ාමයෙන් අයුක්තිය රජ කරන්නෝ

තැනු මඩ පවුර මෙය
දැරිය නොහැකිය මෙහි ගන්දස්ක‍ාරය
ජීවිත පතුල දැකීමට නම්
ඉවත් කල යුතුයි කුහක කමේ මඩ පවුර

4.


කිරි මුහුද කලත්ත‍ලා
නෙ‍ාමියන ‍ෙඖෂධ ගත්තාසේ
ජීවි‍ෙත් පතුල කලඹවා
එහි ඇති අලංකාරය
මතුකර ගැනිමට ඇත්තේ
පොදු ජන බුද්ධිය නැමති
මහා පර්වතය කර තබා පමණයි

බෙ‍ාරු විඥානයෙන්
පඬිවරුන් සාදා තිබෙන
බිය හා කුහක කම් මඬවගුරු
ඉවත් කල හැකි
පොදු ජන ප්‍රඥා පර්වතය
නැවත ඔසව‍ා ගත යුතුය
ඉක්මනට
මඬ පවුරු ඉවතල‍ා
ලඟා විය හැක එවිට
ජීවිත පතුලට

5.


දස සිය
 වසක ශාපය
තුලින් යටවත් වු පොදුජන
ප්‍රඥ‍ා ගුණය
අප කර‍ා නැවත ගෙන ‍එන
ශ්‍රමිකයන් දැන් ඕනෑ වී ඇත
ජීවිත පතුලේ අ‍ාලෝකය
දැක ගන්නට නම් අපි
නුදුරු දවසක

Document Actions
March 2018 »
March
MoTuWeThFrSaSu
1234
567891011
12131415161718
19202122232425
262728293031