ජීවිතයේ පතුල අලංකාරයි
ජීවිතයේ පතුල ඉතා අලංකාරයි
ආලෝකයෙන් පිරිලා
සිතුවම් කරුවන් මවන සිතුවම්
ජීවිත පතුලේ ඇති මහා ලස්සන
ටිකක් හෙලිකරනවා
ජීවිතය පතුලේ මහා කරුණා මහිමේ
ජලකදක් සේ ගලනවා
මානව හිතවත් කමේ හුස්මත්
බලවත්ව එහි තිබෙනවා
එකිනෙකා එකමුතු කරනා බලයත්
එහි තිබෙනවා
ජීවිතයේ මහ සයුරතුල
ඇති මේ ජීවිත පතුල
හදවත් තුලයි ඇත්තේ
පතුල දුටු ඇත්තෝ
කල්‍යාන මිතුරන් වෙනවා
පතුල ලගාවීමට
බාධක ලෙස දමා ඇති
මඩ පවුරු ඉවත් කර
පාදා ගත යුතුය පිරිසිදු දිය
2
මුලින් ඇති මඩ පවුර
හද හවුල් කරන මහා භීතියයි
හැලුනු ලේ ගංගා
ඇත සිතුලට රිංගා
සැම පැත්තකම දැන්
භීතියෙන් කඵ වෙලා
මේ මහා මඩ පවුර උතුරනවා
ඉවතට දමන තුරු මෙය
දැකිය නොහැකිය ජීවිත පතුල
3.
බියේ මඩ පවුර යට
කුහක කමේ මහ ගන්දස්කාරයෙන්
පිරිනු මහා මඩ වගුර
පිරි ඉතිරි තිබෙනවා
ආගම් නමින් බොරු කරන්නෝ
දේශපාලන බොරු කරන්නෝ
හමුදා සපත්තුව ගතත් බොරු කරන්නෝ
නීතියේ නාමයෙන් අයුක්තිය රජ කරන්නෝ
තැනු මඩ පවුර මෙය
දැරිය නොහැකිය මෙහි ගන්දස්කාරය
ජීවිත පතුල දැකීමට නම්
ඉවත් කල යුතුයි කුහක කමේ මඩ පවුර
4.
කිරි මුහුද කලත්තලා
නොමියන ෙඖෂධ ගත්තාසේ
ජීවිෙත් පතුල කලඹවා
එහි ඇති අලංකාරය
මතුකර ගැනිමට ඇත්තේ
පොදු ජන බුද්ධිය නැමති
මහා පර්වතය කර තබා පමණයි
බොරු විඥානයෙන්
පඬිවරුන් සාදා තිබෙන
බිය හා කුහක කම් මඬවගුරු
ඉවත් කල හැකි
පොදු ජන ප්‍රඥා පර්වතය
නැවත ඔසවා ගත යුතුය
ඉක්මනට
මඬ පවුරු ඉවතලා
ලඟා විය හැක එවිට
ජීවිත පතුලට
5.
දස සිය වසක ශාපය
තුලින් යටවත් වු පොදුජන
ප්‍රඥා ගුණය
අප කරා නැවත ගෙන එන
ශ්‍රමිකයන් දැන් ඕනෑ වී ඇත
ජීවිත පතුලේ අාලෝකය
දැක ගන්නට නම් අපි
නුදුරු දවසක