තව ඇහැරුණු බවක් නෑ
සියවස් දහසක් දිග නින්ද
වස කැවිලා වෙන්ට ඇති
මොලේට ගිහින් නිදිමත
බමුණන්ගේ මත
තමයි නිදි බේත
ලෝකයේ ආලෝකය
නෑ මොලයට ලගාවෙන්නේ
විද්‍යාවේ දියුණුව
නෑ උරා ගන්නේ
බුලත් කෙල පඬික්කම
ලග තියන්
දඩෝරියා වගේ ඔහේ බුදි
හීනයක් දකින්නවත් මොලේ පණ මදි
ඊයේ, අද, හෙට
කියා නෑ වෙනසක්