Skip to content. | Skip to navigation

Contact info

Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building, 
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org

Personal tools

ගෙයක් සාදා ගැනිම - ලලිත් තිඹිරිපොල

සිහිනයක් දැක්කා වාගෙයි

අක්කා රට ගිහිල්ලා

තාත්තා දුන්න තැන ගෙයක් හදපන්

කියලා ලියුමක් එක්කලා

ලක්ෂ දෙකක් එව්වා

තාත්තගේ හිනේ, උන්දෑ මල පසුවත්

ඉටුවෙනවා දැකලා

හිතේ මලක් පිපුනා

 

ඉක්මනට ගිහිල්ලා

මොරටුව පැත්තේ බලලා

ලක්ෂ දෙක ගෙවලා

ලී ලොරියක් අරං

අපේ ගෙදරට ගෙනැල්ලා

හොදට වටකරලා

අක්කට ලියලා කිව්වා

හරිම සංතෝසෙන්

 

පසුවදා වැඩට ගිහිල්ලා

ආවහම ගෙදරට

අනේ, ඊයේ ගෙනාපු ලී ටික

තිබ්බේ නෑ එතන

හිතන්නත් බෑ එහෙම, එච්චර ලී ගොඩක්

කෙහොම ගෙනිච්චද කියලා

සාක්කුවට දාගෙන යන්න බෑනේ

 

පොලිසියට ගිහිල්ලා

රාලහාමිලාට පින්සිඩු වුනාට පස්සේ

ලියා ගත්තේ නැති හින්දා

යටින් යමක් දීලා

තව දෙනවා කියලා

සිද්ධිය හොදට කියලා

කොහොම හ‍රි ලියව ගත්තා

 

ඒ වුනත් කවුරුවත් නෑ බලන්න ආවේ

එන්න කියලා නිතර නිතර ගිහිල්ලා කිව්වාට

දන්න කෙනෙකුට කියලා

ඉහල නිලධාරින්ට දන්වා

පෙත්සමකුත් ඇරලත්

ආවේ නෑ කවුරුත්

 

ඊ‍ට පස්සේ පණිවිඩ එන්න ගත්තා

පැමිණිල්ල අයින්කර නොගත්තොත්

හෙට අනිද්දා ඔයිට වැඩිය

ලොකු දෙයක් වෙන්න පුළුවන්

බලාගෙන ඉද්න් උඹ කියලා

පොලිසියේ ලොක්කන්ට හා

නැවත නැවත මං කතරගම දෙවියන්ට ‍

මගේ කතන්දරේ කීවා

 

මේවා දැනගන්න ලැබිලා

අයියා කොළඹ සිට ඇවිල්ලා

අක්කා කිව්වාය කියලා

එකට කමක් නෑ, දුප්පත් අපට ඔහොමයි

උඹ කරදරේ නොවැටි

හිටියොත් ඇති කියලා

කන්නලව් ක‍රල‍ා මට කියා සිටියා

 

අයියා මට බල කරලා

ගමෙනුත් අයින් කරලා

වෙන තැනකට ගෙනියලා

රස්සාවකුත් හොයා දීලා

තාත්තා මතක් කරලා

ජීවත් වෙන්න ඕනෑ කියලා

ගමට යන්න එපා කියලා

මා ගැන අක්කට ලියා යැව්වා

 

 

 

Document Actions
August 2017 »
August
MoTuWeThFrSaSu
123456
78910111213
14151617181920
21222324252627
28293031