Skip to content. | Skip to navigation

Contact info

Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building, 
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org

Personal tools
  • ජනමතය
  • රටේ නැති වී ගිය නීතිය නැවත ඇති කරමු.
Sections

ජනමතය - අපේ බොලොග් අඩවිය

ජනමතයමානව හිමිකම් පිළිබඳව එදිනෙදා මිනිසුන් මුහුණ දෙන ගැටළු ස‍‍ාකච්ඡා කිරිම සඳහා කැපවේ. බොහෝ මානව හිම්කම් පිළිබඳ ගැටළු දිනපතා ඇති වේ. එහෙත් එවා ප්‍රසිද්ධ්යට  පත්කර ගැනීමට පුවත් පත් හ‍ා වෙනත් මාධ්‍ය මගින් ලැබෙන ඉඩකඩ ඉමහත් නොවේ. එහෙත් නුතන තාක්ෂණය වර්ධනය වීමේ ප්‍රථිපලයක් ලෙස මේ ගැටළු සාකච්ඡා කිරිම සඳහා වෙබ් අඩවි හා ඊමේල් හුවම‍ාරුකර ගැනීම යොදා ගත හැකිය. ඒවා නිසි ලෙස පාවිච්චි කලහොත් පුවත්  පත් හා ‍ෙවනත් ම‍ාධ්‍ය තුලින් ඇති කල හැකි පමණටම පළල් තොරතුරු බෙදාහැරිමක්, මෙම වෙබ් අඩවි හා නව තාක්ෂණය මගින් ඇතිකර ඇති ඉඩකඩ තුලින්ද කලහැකිය.

එක් එක් පුද්ගලයාට තම ජීවිතයේ මුහුණදෙන ගැටළු නිසිලෙස වාර්තා කිරීමට හැකියාවක් තිබේනම් හා එම වාර්තා පළල් වශයෙන් බෙදාහැරීමට හැකියාවක් තිබේ නම් ජනතාව මුහුණදෙන ගැටළුව පිලිබඳව විශාල ජනමතයක් ගොඩනැගිය හැකිය. ජනමතයේ පදනම තොරතුරුය. එහෙත් තොරතුරු වශයෙන් සාමාන්‍යයෙන් ප්‍රකාශයට පත්වන පුවත්පත් වල ජනජීවිතය තුලින් පැන නැගෙන ගැටළු සඳහන්වන්නේ අල්ප වශයෙනි. දේශපාලන ව්‍යාපාරවල නායකයින්ගේ විවිධ ප්‍රකාශ (බොහෝ විට ඔවුන් කියන බොරු) වෙනත් බලවත් සංස්ථාවල හා පුද්ගලයන්ගේ ප්‍රකාශ, ජීවන චරිත හා සිදුවීම් පුවත් පත් වලින් විශාල වශයෙන් ප්‍රකාශයට පත්වේ. එහෙත් එම නිසා ජනමතය බොහෝදුරට හැඩගැසෙන්නේ තමන්ට නිරන්තරයෙන් දකින්නට ලැබෙන හා ඇසෙන්නට ලැබෙන එම තොරතුරු මතය. ජනජීවිතයෙන් පැන‍නැගෙන තොරතුරු වාර්තා නොවීම නිසාම ඒ පිළිබඳව සිදුවන සාකච්ඡ‍ාවද අල්ප මාත්‍රය. එම නිසා තොරතුරු වාර්තා කිරීම හා ජනමතය ගොඩනැගීම අතර ඇති සම්බන්දය වටහා ගැනීම මගින් හා ඒමත ක්‍රියා කිරීම මගින් ජනජීවිතයේ ගැටළු පිළිබඳව ජනමතයක් ගොඩනැගීමේ වාතාවරණය නිර්මාණය කර ගත හැකිය.

අප ජීවත්වන ලෝකයේ තොරතුරු හුවමාරුව බොහෝ සෙයින් සිදුවන්නේ ලිඛිතවය. සාමාන්‍ය ජනතාව තමන්ගේ ජීවිතයේ ගැටළු පිළිබඳව සාකච්චා කිරීමට ලේඛණ කලාව යොදාගැනීමේ පුරුද්දට එතරම් ඇබ්බැහිවී නැත. ඔවුන් වාචිකව බොහෝ දේ කියන නමුත් එම වාචිකව පවසන තොරතුරු ලේඛණ බවට හැරවීමේ පුරුද්ද හා දක්ෂතාවය ඇතිකරගෙන නැත. මෙය ජනතා ප්‍රශ්න පිළිබඳව මහජන මතය ගොඩනැගීමට පවතින එක් විශාල බාධාවක් සේ පවතී.

විසිවන සිය‍වසේ ඇතිවූ ‍විශාල වෙනස්කම් නිසා වැඩි නිපුනතාවයකින් ලේඛණ කලාව පාවිච්චි කලහැකි අයගේ ගණන දැන් විශාල වශයෙන් වැඩිවී ඇත. එහෙත් ජනජීවිතයේ තොරතුරු ලිවීම සඳහා එම ලේඛණ කලාව යොදාගැනිමේ පුරුද්ද දැනට සෑහීමකට පත්විය හැකි පමණකට පැතිරී තිබේයැයි කිව නොහැකිය.

මානව හිමිකම් පිළිබඳව කථාකරන බොහෝ දෙනා සිටියත් ඔවුහූ ජීවිතයේ ගැටළු ලේඛණ කලාවට එකතුකිරීම සඳහා පියවර ගනු ලබන්නේ අල්ප මාත්‍රවශයෙනි. එහෙත් තොරතුරු ලේඛණ ගත කිරීම තරම් මානව හිමිකම් රැකගැනීමට තුඩුදෙන වෙනත් කිසිම දෙයක් ඇත්තේ නැත. මානව හිමිකම් වර්ධනය කර ගැනීමේදී ප්‍රයෝජනයට පත්වන ඉතාමත් වැදගත් ආයුධය ලේඛණ කලාවයි.

මෙම වෙබ් අඩවියේ අරමුණ වන්නේ ජනජීවිතයේ ප්‍රශ්ණ සාකච්චා කිරීම සඳහා වෙබ් අඩවි වලින් ලබාදිය හැකි ඉඩකඩ වැඩිකිරීමය. මෙම වෙබ් අඩවියට කරුණු ලියා එවීමට ඕනෑම කෙනෙකුට පුළුවන්කම ඇත. එසේ එවන තොරතුරු වඩාත් පුළුල්ව පතුරුවා හැරීම සඳහා ඉඩකඩ මෙම වෙබ් අඩවිය තුලින් සලසා ඇත. මෙම වෙබ් අඩවිය එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ගැටළු ප්‍රකාශයට පත්කිරීමටත් ඒවා පිළිබඳව මහජන මතයක් ගොඩනැගීමටත් ඉවහල් වේයැයි පතමු.

Document Actions
May 2018 »
May
MoTuWeThFrSaSu
123456
78910111213
14151617181920
21222324252627
28293031